ප්‍රතික්ෂේප වීම කියන එක ඔයත් මමත් දෙන්නම අත් විඳලා තියෙන දෙයක්.සමහර වෙලා වලට අපිව ප්‍රතික්ෂේප වුණ අවස්ථා ගැන මතක් වෙනකොටත් සමහරුන්ගේ හිතට මහා වේදනාවක් දැනෙන්න පුළුවන්. සමහරුන්ගේ ජිවිතේ අංශක 180 කින් වෙනස් කරන්න ඒ ප්‍රතික්ෂේප වීම බලපෑවා වෙන්නත් පුළුවන්.මම කථා කරන්නේ ඔයාට වේදනාවක් වෙන ප්‍රතික්ෂේප වීම දේව ආශිර්වාදයක් කරගන්න විදිහ.
1. ප්‍රතික්ෂේප වීමක් ඇත්තටම දන්නෙන්නේ කොහොමද?
අපි පුරාතන මානවයගෙන් ඉඳන් පැවත ගෙන එනවා කියන එක හැමෝම දන්නවනේ.ඒ කාලේ දි මොකක් හරි ප්‍රශ්නයක් වෙනකොට උදාහරණයක් විදිහට අපි කියමු ඔන්න කොටියෙක් එළවගෙන එනවා නම් මිනිහා ගේ මොලේ එළවගෙන එන කොටියා වෙත යොමු කරනවා.මිනිහා බලනවා කොටියාගෙන් බේරෙන්න. මේක ආරක්ෂා වීමේ මාර්ගයක්.හැබැයි දැන් 21 වෙනි සියවසටත් ඇවිල්ල ඒත් තාමත් අපේ මොලේ ප්‍රශ්නයක් වුණාම හිතට අවුලක් දෙන දෙයක් වුණාම ඒකට හිත යොමු කරනවා.හොඳට බලන්නකෝ ඔයා හොඳ ඇඳුමක් ගන්නවා ඔයා මේක ඇඳගෙන යනවා උත්සවයකට ඔයාට හම්බෙනවා පුද්ගලයෝ දහ දෙනෙක් එකෙන් නව දෙනෙක්ම ඔයාට ලස්සනයි කියද්දී එක්කෙනෙක් කියනවා අපෝ මේක කැතයි ඔයා මහතයි කියලා හොඳට මේකෙන් පේනවා කියලා. ඔයාගේ ඔලුව දුවන්නේ ඔයාගේ මහත ඔය ඇඳුමට හොඳට පේනවා කියපු කෙනා ළඟට. එහෙම නෙමෙයිනම් දැනටම ඔයා දිනුම්.ඔය වගේ තමයි ප්‍රතික්ෂේප වීම් වලදිත් කෙනෙක් ඔයාව එපා කියනකොට ඔයාට ඒක ටිකක් තදින් දැනෙන්න තියෙන ඉඩ වැඩි. ඔයාට වටේටම ගොඩක් යාළුවො හිටියත් ඇයි මෙයා මාව නොසලකා හරින්නේ කියලා ඔයාගේ හිත ඔයාටම වද දෙන්න ගන්න පුළුවන්. ඒ මොලෙන් හැමවෙලේම අපිට ප්‍රශ්නයක් වෙන දේවල් වලට අපේ අවධානය දෙන නිසා.
2. ඇත්තටම ඔයා ප්‍රතික්ෂේප කරනකොට එහෙම කරන කෙනා කියන හේතු වල සත්‍යතාවක් තියෙනවද?
යම් තරමකට සත්‍ය තියෙන්න පුළුවන් හැබැයි එහෙම නොවෙන්නත් පුළුවන්.එක්තරා පොඩි දරුවෙක් චිත්‍ර ඉගෙන ගන්න කියලා තමන්ගේ ගුරුතුමා ළගට ගියා. මේ සිසුවා බොහොම දක්ෂයි. මෙයා කාලයත් එක්ක හොඳට ඉගෙන ගෙන තමුන්ගේම චිත්‍ර කලාගාරයක විකුණන්න ගත්තා. ඒ චිත්‍ර ඇත්තටම බොහොම වටිනවා ඒක නිසා ටිකක් ලොකු මුදලකට මෙයා මේ ටික විකුණලා දාන්න හිතුව. ඒත් පොඩි ප්‍රශ්නයක් චිත්‍ර ගන්න එන අය හැරිලා යනවා මෙයාගේ චිත්‍ර ප්‍රතික්ෂේප කරනවා. මෙයාට කාලයක් යද්දී චිත්‍ර කලාව එපා වෙලා වෙන රස්සාවක් කරන්න හිතෙනවා. මෙයා චිත්‍ර විකුණන කාලේ මෙයාගේ ගුරුතුමාත් මෙයත් එක්ක හිටිය. ඔන්න ගෝලයයි ගුරුතුමයි සංවාදයක.
ගෝලය — අනේ මාස්ටර් මට මේක එපා වෙලා කිසිම අදායමක් නැහැ. කිසිම කෙනෙක් මගේ චිත්‍ර ගන්නේ නැහැ.මම කිසි කමකට නැති කෙනෙක්. මම තවදුරටත් කලාවට හොඳ නැහැ.
ගුරුතුමා — හොඳයි ඔයා එහෙම හිතනවානම් මට කරන්න දෙයක් නැහැ. ඒත් ඔයාට මන් ඔයාට අමතක නොවෙන සිද්ධියක් මතක් කරලා දෙන්නම්.
මතකද අපෝ ඔයාගේ චිත්‍ර කිසි කමකට නැහැ කියපු කෙනා
ගෝලයා — අපෝ ඔව් මාස්ටර් ලොකු කලබලයක් කරලා ගියේ.
ගුරුතුමා — ඔයා දන්නවද එයා පොඩි කාලේ මගෙන් ඉගෙන ගන්න ආපු කෙනෙක්. එයා ට හැකියාවක් නොතිබුනාට මොකද අනෙක් අයට හොඳට ඉරිසියා කරා. එයා දන්නවා ඔයා තමයි මගේ දක්ෂතම සිසුවා කියලා. එයා ඒ පිට දැම්මේ එයාගේ ඉරිසියාව. ඔයාගේ කුසලතා වේ අඩුවක් නෙමේ ඒකට මුල.
ගොඩක් වෙලාවට අපිව ප්‍රතික්ෂේප කරන අය කථා කරන කරන කරුණු එක්කෝ එයාලට පුද්ගලබද්ධ වුණ සිතුවිලි හරියට ඉරිසියාව, නැත්නම් එයාට ඔයා වෙන්න තියෙන බැරි කම,නැත්නම් එයාට එයා ගැනම තියෙන කණගාටුව වෙන්න පුළුවන්. ඉතින් ඔයා ප්‍රතික්ෂේප කර ගෙනාගේ වචන වලට සම්පූර්ණ අවධානය නොදී පොඩ්ඩක් විමසලා බලන්න.
3. ඔයා ගේ වටිනාකම ගොඩක් වැඩි අලුතෙන් හිතලා නැගිටිමු.
කෙනෙක් ඔයාව දාල ගියාම වැඩියෙන්ම හිතෙන්නේ අපෝ මම හොඳ නැහැ. මම වටිනා කෙනෙක් නෙමේ. මම මහා විකාරයක් වගේ නිශේධනාත්මක දේවල්. ඔයා දන්නවද ලොව ප්‍රකට ජැක් මා මුලින්ම එයා අයදුම් කරපු හැම රස්සවකින්ම භාර ගත්තේ නැහැ.ඊලෝන් මස්ක් රුසියාවෙන් රොකට් ඉල්ලුවම රුසියාව ප්‍රතික්ෂේප කරා ඊලෝන්ව. නිව්ටන් වගේම එඩිසන් පාසල් වලින් ප්‍රතික්ෂේප වුණා දුර්වල සිසුන් කියලා. ලීසි වාල්ස්කෙස් ව ඇගේ රූපේ නිසා ලෝකේ අවලස්සනම කාන්තාව කියලා හංවඩු ගැහුවා.ඒත් මේ හැමෝම ලෝකේ වෙනස් කර මිනිස්සු.ඔයා වගේ කෙනෙක් ඉන්නේ ඔයා විතරයි.ඇයි ඔයා ඔයාගේ වටිනාකම් වලට ඉඩ නොදෙන්නේ? ඔයාව කෙනෙක් ප්‍රතික්ෂේප කරලා වැට්ටුවොත් මේ පියවර ටික ඔයා අනිවාර්යෙන් කරන්න.
- ඔයාගේ වටිනාකම් මෙනෙහි කරන්න
- ඔයාට පුළුවන් දේ තේරුම් ගන්න.
- ඔයාගේ හැකියාවන් වලින් අලුත් පියවරක් තියන්න.
කවදාවත් කිසිම කෙනෙක් උපතින් කිසි දෙයක් ගෙනාවේ නැහැ. එයාල කරේ දේවල් ගොඩ නගපු එක. කිසිම දවසක අනුවණ තීරණ ගන්න එපා. ඒක වේදනා කාරී මතකයක් සාර්ථක වෙන්න තියෙන ලොකුම හේතුව කරගන්න.
ඔයාට පුළුවන්!
ලියන ලද්දේ - ලක්නාරා ජයලත්