ARTIGOS වෙත සාදරයෙන් පිළිගනිමු!
Youth Govern SL ඉංජිනේරු සහ තාක්ෂණ කණ්ඩායමෙහි තොරතුරු කේන්ද්‍රය මෙයයි. මේ වන විට ඔබ සිතනවා ඇත්තේ Youth Govern SL යනු කුමක්ද යන්නයි.
ඉතින්, අපි මෙම Youth Govern SL සංවිධානයේ නිර්මාතෘ වන සෙනලි විතානාච්චි සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වුවා.
සෙනලි, අප ඔබව සාදරයෙන් පිළිගනිමු! ඔබ කව්ද කියා පොඩි හැදින්වීමක් කරොත්..
ආයුබෝවන්! මම සෙනලි විතානාච්චි! මට වයස අවුරුදු 22 යි. මම අධ්‍යාපනය ලැබුවේ කොළඹ මියුසියස් විද්‍යාලයේ. මම දැනට කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ ජීව විද්‍යාව පිළිබඳ උපාධිය සහ එක්සත් රාජධානියේ නෝර්ත්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාව උපාධිය හදාරමින් සිටිනවා. 2018 වසරේදී මනෝ විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාව ඇමරිකානු උසස් අධ්‍යාපන විද්‍යාලයෙන්, ඇමරිකා එක්සත් ජනපදයේ බ්‍රෝවර්ඩ් විද්‍යාලයේ ජාත්‍යන්තර මධ්‍යස්ථානයෙන් සම්පූර්ණ කලා. ඊට අමතරව Colombo Institute of Research and Psychology (CIRP) ආයතනයෙන් මනෝ විද්‍යාව පිළිබඳ උසස් අධ්‍යාපන ඩිප්ලෝමාවද සම්පූර්ණ කලෙමි.
සෞඛ්‍ය විද්‍යාඥයෙකු වීමේ අභිලාෂය ඇතිව, මනෝ විද්‍යාව ඇතුළුව ඊට අදාළ උප ක්ෂේත්‍ර සහ ජීව විද්‍යාව පිළිබඳ විවිධ ක්ෂේත්‍ර වන මානව ජීව විද්‍යාව, රසායන විද්‍යාව, ජාන විද්‍යාව, අණුක හා සෛලීය ජීව විද්‍යාව, ජෛව රසායන විද්‍යාව, ස්නායු විද්‍යාව සහ පරිගණක ආකෘති නිර්මාණය වැනි ක්ෂේත්‍ර වලට දැඩි ඇල්මක් දක්වනවා. ඒ හැරුණු විට, ව්‍යාපාර සහ ව්‍යවසායකත්වය යනු මා සැබවින්ම ආශා කරන බාහිර ක්ෂේත්‍ර දෙකකි.
Youth Govern SL යනු කුමක්ද?
Youth Govern SL යනු තරුණ නායකත්වයෙන් යුත් සංවිධානයක් වන අතර එය අධ්‍යයන, කර්මාන්ත, පර්යේෂණ, නවෝත්පාදන සහ අපගේ පොදු ප්‍රජාව යන ක්ෂේත්‍ර සඳහා වෘත්තීය සේවාවන් සපයයි. අපි ප්‍රධාන ක්ෂේත්‍ර පහක් ප්‍රභල ලෙස ආවරණය කරන්නෙමු: ජීව විද්‍යාව හා වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු හා තාක්‍ෂණය, මනෝ විද්‍යාව, ව්‍යාපාර සහ අලෙවිකරණය, සහ නීතිය සහ මානව ශාස්ත්‍රය යන්න ඒවා වේ.
අප සමාගම්, ආයතන සහ පාසල් වලින් විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ව්‍යාපෘති භාර ගනිමු. අප නිසි දැනුමෙන් හා කුසලතාවන්ගෙන් යුත් විවිධ දෘෂ්ටි කෝණයන්ගේ ගැටළු සහ සමාජයේ තහනම් මාතෘකා කෙරෙහි අවධානය යොමු කරමු. එමඟින් සමාජයේ අත්‍යවශ්‍ය වෙනසක් සිදුවනු ඇත. අත්‍යවශ්‍ය මාතෘකා ආමන්ත්‍රණය කිරීම සඳහා අපි සම්මන්ත්‍රණ, වැඩමුළු, Webinars, Talk shows, podcasts සහ වැඩසටහන් මාලා සංවිධානය කරමු.
YGSL යනු වඩා හොඳ අවබෝධයක් සහ සැබෑ වෙනසක් සඳහා විවිධ දෘෂ්ටි කෝණයන්ගෙන් ගැටලුවක් හෝ තත්වයක් විශ්ලේෂණය කරන වේදිකාවකි. අප ශ්‍රී ලංකාවේ සුපිරි මොළ සහ අද්විතීය නිර්මාණශීලිත්වය හඳුන්වා දෙන අතරම ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය නඟා සිටුවන්නෙමු.
මෙය නව සොයාගැනීම් හා විද්‍යාත්මක පර්යේෂණ සඳහා වේදිකාවකි. මේවා පමණක් නොව, අපේ වරප්‍රසාද නොලත් සිසුන්ට නිසි අධ්‍යාපන මග පෙන්වීමක් ලබා දීම සඳහා ග්‍රාමීය පාසල්වල ස්වේච්ඡා ඉගැන්වීම් කටයුතු සඳහා YGSL කටයුතු කරමින් සිටී.
ඔබ මෙම අදහස ඉදිරිපත් කර මෙය ආරම්භ කළේ කවදාද?
මෙය නිල වශයෙන් මාස කිහිපයකට පෙර ආරම්භ කරන ලද නමුත් නිසි සැලසුම් කිරීමකින් සියල්ල ආරම්භ කිරීමට වසරක් පමණ ගත විය.
මෙම සංවිධානය ආරම්භ කිරීමට ඔබ පෙලඹුණේ කුමක් ද?
මම කුඩා කල සිටම, අධ්‍යයන, සෞන්දර්යය, ක්‍රීඩා හෝ සමාජීය හා ප්‍රජා වැඩ යන ඕනෑම දෙයකදී ඉතා උනන්දුවෙන් කරපු කෙනෙක්. මම ඉස්කෝලේ යන කාලේ මට කරන්න පුළුවන් හැම දෙයක්ම කළා. මම අද මෙහි පැමිණීමට හේතුව මියුසියස් විද්‍යාලයයි. ඔවුන් ලබා දුන් පෞරුෂත්වය හා අවස්ථාවන් මගේ කුළුණු වෙලා තියෙනවා.
විවිධ ක්‍ෂේත්‍රයන් සඳහා මා අවතීර්ණ වීම, ශ්‍රී ලංකාවේ එතරම් ජනප්‍රිය නොවූ ක්ෂේත්‍ර පවා YGSL හි ආරම්භ කිරීමට මා තුළ පෙලඹීමක් ඇති කළ බව මම කියන්න කැමතියි.
මම ජීව විද්‍යාව පිළිබඳ උසස් පෙළ හදාරන විට, අප දැන සිටි එකම දෙය වෛද්‍යවරයකු වීම පමණක් වන අතර, මම උසස් පෙළ හැදෑරූ පසු, සෑම කෙනෙකුටම මා වෛද්‍යවරයකු වීමට අවශ්‍ය වූයේ එය තවමත් ශ්‍රී ලංකාවේ සමාජ සම්මතයක් වන බැවිනි. ඒ කාලය තුළ මම බොහෝ ව්‍යාකූල වුනා, නමුත් එයින් පසු, මට හැගුනේ මට අවශ්‍ය දේ එය නොව, ඊට වඩා වෙනස් දෙයක් බවයි. ඉතින්, මට ඒ අදහස ඉවතට දමන්නට සිදු විය! මම CIRP ආයතනයෙහි මනෝ විද්‍යාව හැදෑරීමට පටන් ගත් විට, ජෛව මනෝවිද්‍යාව, ස්නායු විද්‍යාව, ළමා මනෝවිද්‍යාව, උපදේශනය, ව්‍යාපාර හා අලෙවිකරණ මනෝ විද්‍යාව සහ අපරාධ මනෝ විද්‍යාව ඇතුළු මනෝවිද්‍යාවේ විවිධ ක්ෂේත්‍රවලට මා අවතීර්ණ වුනා. ඉන්පසුව, මම කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළු වන විට විද්‍යා පීඨයේ ජෛව හා භෞතික විද්‍යාවන් ගණනාවකට අවතීර්ණ වුනා. එම අවස්ථාවේදීම අධ්‍යයන ක්ෂේත්‍රයට හා වෘත්තීය ශේස්ත්‍රයට පිවිසීමට එය මට අවස්ථාවක් වුනා. මට තේරුම්ගියා එකිනෙකින් තෝරා ගැනීමට නොහැකි වූ මෙම ක්ෂේත්‍ර බොහොමයක් ගැන මා තුළ ඇත්තේ දැඩි කැමැත්තක් බව. ඉතින් මම හිතුවා මට මේ සියල්ල එක තැනකට ගෙන එන්නේ කෙසේද කියා, මෙහි දී ඔබ YGSL ලෙස හඳුන්වන්නේ එයයි!
YGSL පවුලට සහ මගේ ගමනේදී මට සහයෝගය හා ධෛර්යය ලබා දුන් සෑම කෙනෙකුටම මාගේ අවංක ස්තූතිය පුද කිරීමට කැමැතියි.
මේ සඳහා සම්බන්ධ වන්නේ කවුද?
YGSL හි දක්ෂ කණ්ඩායම් 5 ක් වඩා හොඳ අරමුණක් සහ සැබෑ වෙනසක් සඳහා වැඩ කරයි: ඉංජිනේරු සහ තාක්‍ෂණය, ජීව විද්‍යා හා වෛද්‍ය විද්‍යාව, නීතිය හා මානව ශාස්ත්‍ර, ව්‍යාපාර හා අලෙවිකරණ සහ මනෝවිද්‍යාව යනු ඒවායි.
සෑම කණ්ඩායමකටම අදාළ ක්ෂේත්‍රයන් සඳහා කුසලතා හා දක්ෂතා සපිරි පුද්ගලයෝ සිටිති. මෙම පුද්ගලයින් ඔවුන්ගේම උප ක්ෂේත්‍ර ක්ෂේත්‍රයන්හි ද විශේෂඥයෝ වෙති. අපි ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය විශ්ව විද්‍යාල සහ බොහොමයක් ප්‍රධාන පෞද්ගලික විශ්ව විද්‍යාල සහ ආයතන ආවරණය කරමු. අපට මේ වන විට ජාත්‍යන්තර සිසුන් හත්දෙනෙකු සිටී. ඒ අතර ඇමරිකා එක්සත් ජනපදයෙන් සිසුන් හතර දෙනෙකු සහ එක්සත් රාජධානිය, මැලේසියාව සහ චීනය යන රටවලින් එක් සිසුවෙකු බැගින් සිටී. ඔවුන් අපගේ ජාත්‍යන්තර කටයුතු සඳහා විදේශීය විශ්ව විද්‍යාල සමග අධ්‍යයන හා වෘතීය ක්ෂේත්‍රයන්හි කටයුතු කරයි.
සෑම කණ්ඩායමක්ම වෙනම ව්‍යාපෘති සමූහයක් මත වැඩ කරනු ඇති අතර ඒවා වාණිජ ව්‍යාපෘති සඳහා කැමති ඕනෑම ක්ෂේත්‍රයකින් අප සේවා ලබා දෙනු ඇත. කණ්ඩායම් 2–3 ක් සමඟ ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ. සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ යන භාෂා තුනෙන්ම දක්ෂ පුද්ගලයින් අප සතුව ඇත.
මෙම සංවිධානයෙන් ඔබ අපේක්ෂා කරන්නේ කුමක්ද? ඔබට අත්කර ගැනීමට අවශ්‍ය කුමක්ද?
අපි සමාජ මාධ්‍යවල බොහෝ දේ ගැන කතා කළත්, යම් යම් සමාජ බාධක, තහනම් මාතෘකා, අවධානය යොමු කළ යුතු ගැටළු සහ අධ්‍යාපනය, ආර්ථිකය සහ රැකියා කර්මාන්තය යන කරුණු සම්බන්ධයෙන් රටේ සැබෑ වෙනසක් නිරීක්ෂණය නොකරමු. එයට හේතුව, අප ආමන්ත්‍රණය කිරීමට සුදුසු ප්‍රේක්ෂකයින් හඳුනාගෙන නොමැති අතර නිසි දැනුමෙන් හා කුසලතාවන්ගෙන් අපි ඒවා ගැඹුරින් ආමන්ත්‍රණය නොකිරීමයි.
ක්‍රියාව වචන වලට වඩා ප්‍රභලව කථා කරන බව මම තරයේ විශ්වාස කරමි, අවාසනාවකට මෙන්, අපි කිසිදු තිරසාර ක්‍රියාමාර්ගයක් ගන්නේ නැත, එහෙම නැත්නම් අපගේ ක්‍රියාවන් එතරම් තීව්‍ර නොවේ. ස්ථාවර කාල පරිච්ඡේදයක් සඳහා තිරසාර වන සැබෑ වෙනස සැබවින්ම සාක්ෂාත් කර ගැනීම සඳහා වැඩ කරන ස්ථානය YGSL වේ.
අනාගතයේදී අපගේ පාඨකයන්ට අපේක්ෂා කළ හැක්කේ කුමක්ද?
- නව ක්ෂේත්‍රවල නවතම ප්‍රවණතා
- අධ්‍යයන හා වෘත්තීය ක්ෂේත්‍රයට පිවිසෙන්නේ කෙසේද
- මෙම ගමනේදී ඔබ ප්‍රගුණ කළ යුතු කුසලතා
- නවතම පර්යේෂණ
- ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ ඉලක්ක ගත ගැටළු
- තරුණ ඉදිරි දර්ශනයක් සහ තරුණ සහයෝගයක්
- නව සොයාගැනීම්
ඔබ මේ මොහොතේ වැඩ කරමින් සිටින ව්‍යාපෘති මොනවාද?
- YGSL පර්යේෂණ අවධානය — YGSL සාමාජිකයන්ගේ පර්යේෂණ කටයුතු
- YGSL සමඟ තරුණ පර්යේෂකයන්
- YGSL සමඟ තරුණ නවෝත්පාදකයින්
- YGSL සමඟ තරුණ ව්‍යවසායකයින්
- YGSL අඩු වරප්‍රසාද ලත් සිසුන් සඳහා ස්වේච්ඡා ඉගැන්වීම්
- YGSL සෞඛ්‍ය පිළිබඳ දැනුවත්භාවය
- YGSL සමඟ තාක්ෂණික ප්‍රවණතා
- YGSL සමග තරුණියන්ට ආරක්ෂිත ස්ථානයක්
- YGSL සමඟ තහනම් මාතෘකා බිඳ දමන්න
- YGSL බ්ලොග් අඩවිය
- YGSL සමඟ නිර්මාණාත්මක මනස
- YGSL සමඟ වෘත්තීය මාර්ගෝපදේශනය සහ ජීවිත පුහුණු කිරීම
- තරුණයින් සමඟ නීතිය සහ දේශපාලනය YGSL
ඔබට අපගේ පාඨකයන්ට පැවසීමට අවශ්‍ය යමක් තිබේද?
Passion එක තමයි අපට සතුට ගේන්නේ. වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් ඔබේ සතුට ළඟා කර ගත හැකියි. කිසිවක් ආරම්භ කිරීමට නිසි කාලයක් නොමැත. කිසිවක් කිරීමට නිසි ක්‍රමයක් නොමැත. ඔබට අවශ්‍ය වන්නේ ඔබේම කටහඬ ට සවන් දී ඔබේ උපරිමය ඔබේම ආකාරයෙන් ලබා දීමයි. මෙම ගමන පුරාම ඔබ නොයෙකුත් දුෂ්කරතාවන්ට මුහුණ දෙනු ඇත, නමුත් ඒවා ඔබව වඩාත් විශ්වාසයෙන් යුතුව වඩා
ශක්තිමාත් පුද්ගලයෙකු බවට පත් කරනු ඇත.
මේ අනුව, වැරදි තීරණයක් ලෙස කිසිවක් නැත. මිනිසුන්ට කරුණාවන්ත වන්න, නිහතමානී වන්න, ඔබ සතුව ඇති දේ ගැන කෘතඥතාව පළ කරන්න, එකිනෙකාට ගරු කරන්න, කිසිවෙකුට ආදේශ කළ නොහැකි ඔබේම පෞරුෂයක් නිර්මාණය කරන්න! ජීවිතය පසුතැවීමට තරම් කෙටි බැවින් ඔබේ ජීවිතයේ සෑම කුඩා මොහොතක්ම භුක්ති විඳින්න.
යමෙකු සම්බන්ධ වීමට කැමති නම්, ඔවුන් කළ යුත්තේ කුමක්ද? අවශ්‍යතා මොනවාද?
ඔවුන් අපගේ ඕනෑම සමාජ මාධ්‍ය ජලවාක් හරහා අපගේ නිලධාරීන් සම්බන්ධ කර ගත යුතුය. අෂාවා, කුතුහලයා, වෙහෙස මහන්සි වී වැඩ කිරීම, විවෘත මනස, නිර්මාණශීලිත්වය, දක්ෂතාව, නිසි දැනුම සහ කුසලතා අප සොයන එකම අවශ්‍යතා වේ.
අවසාන වශයෙන්, ඔබ එකතු කිරීමට කැමති වෙනත් යමක් තිබේද?
මටනම්, කාන්තා සවිබල ගැන්වීම යනු අපගේ තරුණියන්ගේ ජීවිතය ශක්තිමත් කිරීමටත්, ඔවුන්ට අවශ්‍ය දේ සාක්ෂාත් කර ගැනීමටත් ඉඩ සැලැස්වීම නමුත් මෙය විය යුත්තේ වඩාත් ආරක්ෂිත සාමාජයක, කාටවත් ආදේශ කරන්න බැරි අද්විතීය පෞරුෂයකින් බැබළීමටත් ශක්තිමත් සහ විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීමට ඉඩ සැලැස්වීමයි.
මිනිසත්කම හා හැගීම් පිළිබද නිසි බුද්ධිය අවදානමට ලක්ව ඇති වර්තමාන සමාජයක ස්ත්‍රී පුරුෂ සවිබල ගැන්වීමට වඩා මානව සවිබල ගැන්වීම වඩා ස්ථාවර හා තිරසාර ය. අධ්‍යාපනය සියලු දෙනාටම සමානව ලබා දිය යුතු අතර අපේ වරප්‍රසාද නොලත් සිසුන්ට නිසි අධ්‍යාපන සහ සුදුසු තනතුරුවලට පත්වීමට අවස්ථාව ලබා දිය යුතුය. මනුෂ්‍යත්වය, කෘතඥතාව සහ ගෞරවය පොහොසත් කරන අතරම සමාජ බාධක බිද දැමීමට යෞවනයන්ට ධෛර්යය හා ශක්තිය තිබිය යුතුය. සමාජයේ තහනම් මාතෘකා බිඳ දැමිය යුතුයි! ඉලක්කගත ප්‍රේක්ෂකයින් විශේෂයෙන් හඳුනාගත යුතුය! Passion එකත් එක්ක ක්‍රියාවන් වචනවලට වඩා ප්‍රබලව කථා කරන තැනක සැබෑ වෙනස දැකිය හැකිය!
අද අප හා සම්බන්ධ වීම ගැන සෙනලිට ස්තූතියි.
සැබෑ වෙනසක් ගෙන ඒමට ශ්‍රී ලාංකික යෞවනයන් ක්‍රියා කරන බව ඇසීම සතුටට කරුණකි! YGSL විසින් අප වෙත ගෙන එනු ඇති සිදුවීම් අපි ඉතා උනන්දුවෙන් බලා සිටිමු! ඔබට YGSL සම්බන්ධයෙන් ප්‍රශ්න ඇත්නම්, කරුණාකර ඉහත සම්බන්ධ කර ඇති අපගේ සමාජ මාධ්‍ය පිටු දෙස බලන්න හෝ අපට youthgovernsl@gmail.com වෙත විද්‍යුත් තැපෑලක් එවන්න.