නිවැරදිව LinkedIn ගිණුමක් ගොඩනගන්නේ කෙසේද?

YGSL
4 min readMay 3, 2021

--

LinkedIn යනු ඔබව රැකියා සඳහා බඳවා ගන්නන්(recruiters) සමඟ සම්බන්ධ කරන, ඔබට රැකියා සහ සීමාවාසික පුහුණු(internship) අවස්ථා සොයා ගැනීමට උපකාර වන, 2003 වර්ෂයේදී “රීඩ් හොෆ්මන්” විසින් ආරම්භ කරන ලද වෘත්තීය ජාලයකි. ඔබගේ සියලු වෘත්තීය අත්දැකීම් යාවත්කාලීනව ඉදිරිපත් කල හැකි LinkedIn පැතිකඩ පිටුව(profile page) ඔබේ ප්‍රධාන රැකියා යෝග්‍යතා පත්‍රය(Resume/cv) ලෙස භාවිතා කළ හැකිය. ඔබට අවුරුදු පහකට වැඩි අත්දැකීම් නොමැති නම්, එක් පිටුවක යෝග්‍යතා පත්‍රයක් වඩාත් සුදුසුය. නමුත් එසේ නොමැති නම් ඔබට ඇති අනෙක් සියලුම අත්දැකීම් ඔබ ඉදිරිපත් කරන්නේ කෙසේද? LinkedIn අවශ්‍යය වන්නේ මෙහිදීය. විවිධ රැකියා සඳහා අයදුම් කිරීමේදී ඇතැම් සුදුසුකම් පමණක් ඉදිරිපත් කල යුතු විට, ඔබේ සියලු අත්දැකීම් හා සුදුසුකම් ඇතුලත් ප්‍රධාන රැකියා යෝග්‍යතා පත්‍රයක්(resume) තිබීම ඉතා වැදගත්ය. උදාහරණයක් වශයෙන් එක් එක් රැකියා අවස්ථා සඳහා ඔවුන්ගේ අවශ්‍යතාවය අනුව රැකියා යෝග්‍යතා පත්‍රය(resume) සකස් කිරීමේදී තමන්ගේ ප්‍රධාන යෝග්‍යතා පත්‍රය(resume) පදනම් කරගෙන අවශ්‍ය සුදුසුකම් පමණක් ඇතුලත් කිරීම ඉතාමත් පහසු වේ. නමුත් දැන්, ප්‍රධාන රැකියා යෝග්‍යතා පත්‍රය වෙනුවට, ඔබට ඒ හා සමාන ඔබේ LinkedIn ගිණුම ඉදිරිපත් කල හැක. රැකියා යෝග්‍යතා පත්‍රය සඳහා ඔබේ LinkedIn URL එක එක් කළ විට බඳවා ගන්නන්ට ඔබ ගැන වැඩි විස්තර දැනගත හැකිය.

“ඔබගේ පුද්ගලික නාමකරණය සඳහා පදනම වන්නේ LinkedIn පැතිකඩ පිටුවයි.”

(“The LinkedIn profile page is the foundation for your personal branding.”

ඔබගේ LinkedIn ගිණුම අභිරුචිකරණය කරන්න (Customize)

ඉහත දක්වා ඇති අයුරින් ඔබේ නම, සුදුසුකම්, සාරාංශය සහ ඡායාරුපය පැහැදිලිව පෙන්වා දක්වන්න.

ඔබ ඔබේ පසුබිම, නිපුණතා(skills) සහ ජයග්‍රහන(Accomplishment) වැනි අංශ එකතු කරන විට, පහත උදාහරණයේ අකාරයට භාවිතා කර වඩාත් සුවිශේෂී බවක් ලබා දීමට සහ බඳවා ගන්නන්(recruiters) ආකර්ෂණය කර ගැනීමට, ඔබ එක් එක් කාල වකවානු පුරා කළ දේ විස්තර කරන්න.

ඉහත දක්වා ඇති අයුරින් බුලට්(bullet) ලකුණු භාවිතා කරමින් ඔබේ අත්දැකීම් විස්තර කරන්න. සියලු විස්තර පැහැදිලිව ඉදිරිපත් කල යුතු අතර සෑම විටම ව්‍යාකරණ හා අක්ෂර වින්‍යාසය පරීක්ෂා කරන්න. ඔබේ ව්‍යාපෘති ඉහළින් පැහැදිලිව විස්තර කරන්න. ඒවායේ ඔබ භාවිතා කල යෙදුම් හා තාක්ෂණය පිළිබඳව සඳහන් කරන්න.

ඔබගේ LinkedIn ගිණුමේ URL සංස්කරණය කරන්න

ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න

ඔබේ LinkedIn ගිණුමට පිවිසෙන්න → එහි ඉහල දකුණු කෙලවර ඇති “Edit public profile & URL” වෙත යන්න → එහි ඉහල දකුණු කෙලවර ඇති “Edit your custom URL” වෙත යන්න → උදාහරණයක් ලෙස “www.linkedin.com/in/johndoe” වශයෙන් එය වෙනස් කරන්න

මෙය ඔබගේ රැකියා යෝග්‍යතා පත්‍රයට ඉතා පහසුවෙන් ඇතුලත් කල හැක.

ඔබේ ජාලය(Network) ගොඩනැගීම

LinkedIn යනු වෘත්තීය ජාලකරණ වේදිකාවකි, එබැවින් එයින් උපරිම ප්‍රයෝජන ගන්න!!

සම්බන්ධතා ඉල්ලීමක්(connection request) යවන විට පුද්ගලික පණිවිඩයක්ද එයට ඇතුලත් කරන්න.

  • ඔබේ පණිවිඩය හැකිතාක් කෙටි කරන්න
  • නිතර පසු විපරම්(follow ups) යැවීමෙන් වලකින්න
  • සැමවිටම එය වෘත්තීයව තබා ගන්න
  • LinkedIn යනු ෆේස්බුක්(facebook) නොවේ

පහත දක්වා ඇති අයුරින් සරලව, පැහැදිලිව හා ඍජුව ඔබේ පණිවිඩය වෙනස් කරන්න.

ඉගෙනීමට ඇති ඔබේ ආශාව පෙන්වන්න

ව්‍යාපෘති වලට අමතරව, LinkedIn තක්සේරු කිරීම්(Assessments) සහ LinkedIn සහ වෙනත් අවස්ථා වලදී ලබාගත් සහතික ඉදිරිපත් කිරීම, ඔබ උනන්දුවක් දක්වන ක්ෂේත්‍රය කෙරෙහි ඔබේ ආශාව සහ කැපවීම පෙන්වීමට කදිම මාර්ගයකි.

  • පාඨමාලා අතරතුර ඔබ භාවිතා කළ මෙවලම් සහ ඔබ ඉගෙන ගත් දේ විස්තර කරන්න
  • පාඨමාලාව තුළ ඔබ කළ ව්‍යාපෘති ඔබගේ පැතිකඩට එක් කරන්න

LinkedIn කණ්ඩායම්

ඔබේ රුචිකත්වයට අනුව ඔබට LinkedIn කණ්ඩායම් සොයාගත හැකි අතර, රැකියා සමාගම් සඳහාද කණ්ඩායම් LinkedIn හි ඇත. එය ඔබගේ උනන්දුවක් දක්වන ක්ෂේත්‍රයේ සෙසු සාමාජිකයන්, වෘත්තිකයන්, සහ තවත් බොහෝ අය සමඟ අන්තර් සම්බන්දතා පැවැත්වීමට කදිම මාර්ගයකි. මෙම කණ්ඩායම් හරහා, ඔබේ වෘත්තීය ජාලය වර්ධනය කිරීමට, සීමිත පිරිසකට පමණක් සහභාගී විය හැකි විශේෂ අවස්ථා සඳහා සම්බන්ධ වීමට, රැකියා අවස්ථා සහ අදාළ ප්‍රයෝජනවත් තනතුරු සොයාගැනීමට ඔබට අවස්ථාව තිබේ.

ඉතින් ඔබ මෙම කණ්ඩායම් සොයා ගන්නේ කෙසේද? ඔබට “Machine Learning” ආශ්‍රිත කණ්ඩායම් සෙවීමට අවශ්‍ය නම්, සෙවුම් තීරුවේ “Machine Learning” ලෙස ඇතුලත් කර “in Groups” යන්න තෝරගෙන සෙවීම කරන්න.

ප්‍රජාව සමඟ අන්තර් ක්‍රියා කිරීමට සහ ඔබ කෙරෙහි අන් අයගේ අවධානය ලබා ගැනීමට, ඔබේ LinkedIn feed හි සහ කණ්ඩායම්වල, ලිපි / සටහන් ප්‍රකාශ කරන්න

අන් අයගේ අවධානය ලබා ගැනීම සඳහා සහ ඔබගේ ජයග්‍රහණ ඉදිරිපත් කිරීම සඳහා සාර්ථක LinkedIn ගිණුමක් ගොඩනැගීම සඳහා අපගේ සුභ පැතුම්.

ලියන ලද්දේ — පමෝද්‍යා පීරිස්

සිංහල පරිවර්තක — ​​රෝෂිනි ජයසුන්දර
දෙමළ පරිවර්තක — ​​මොහොමඩ් ඉසාඩ්

--

--

YGSL
YGSL

Written by YGSL

Science, Research, Industry & Innovation

No responses yet