රෙසියුමේ (resume) ලේඛන සැකසීමේ දී වැදගත් වන කරුණු

YGSL
6 min readMar 5, 2021

--

වර්ෂ 1482 දී, ලුඩොවිකෝ සෆෝසා (Ludovico Sforza) , මිලාන් හි ආදිපාද තුමාහට ඔහුගේ ලියන මේසය මත තිබි නන්නාදුනන යුද්ධභටයකු වූ ලියනාඩෝ ඩාවින්චිගෙන් ලියමනක් හමුවූවා.

එහි සඳහන් වූයේ පහත සඳහන් වදන් ය.

“මා ළග එක්තරා ආකාරයක කාලතුවක්කු ( mortar) විශේෂ යක් තිබෙනවා. එම කාලතුවක්කු පරිහරණය ට සහ ප්‍රවාහනයට පහසු අතර, කුඩා ගල් කුඩු කර (fling) ධූම වලාවක් නිර්මාණය කර සතුරා හා වියට (detriment) හෝ කලබල යට පත් කිරීමේ හැකියාවද එය සතුය.”

මෙම ලිපියේ අන්තර්ගතය ට අමතරව තවත් බලවත් (formidable) ජයග්‍රහණය රාශියක් මෙම අයදුම් කරුවාගේ ලිපියේ සඳහන් වූවා.

මෙම ලිපිය පිළිබඳ පුදුම යට සහ පැහැදීමට පත්වූ ආදිපාද තුමා ඔහු ව ඊලඟ දිනයේදී ම රාජකාරි කටයුතු සඳහා පත්වීම ක් ලබා දුන් අතර මෙම සිදුවීම ඉතිහාස ගත වූයේ ලෝකයේ පළමු අයදුම් කරු සුදුසුකම් ලේඛනය (curriculum vitae) නොහොත් සුදුසුකම් සාරාංශය (resume) ලෙස ය.

මෙම රෙසියුමේ (resume)නම් වචනය ව්‍යුත්පන්න වූයේ සාරාංශය ( summary) අර්ථය සහිත ප්‍රංශ වචනයකින් ය. අනතුරුව, වර්ෂ 450 පමණ එය වෙනස් වූයේ අල්ප වශයෙන් වුවද, 20 වන සියවසේ ගෝලීයකරණය ( globalization) හේතු කොට ගෙන මෙහි ඇතැම් සංශෝධන ; ශෛලිය සහ අන්තර්ගතයෙහි ( style and content) වෙනස් වීම් සිදු විය. අපි වර්තමානයේ දී ජීවත් වන්නේ තාක්ෂණික කාලපරිච්ඡේදයක්ය.නොයෙකුත් ආකාරයේ උපාධි පාඨමාලා සහ සුදුසුකම් පවතින මෙවැනි කාලරාමුවක , ආකර්ෂණීය , නිවැරදි ව සකස් කල (well-worded) සාරාංශය නොහොත් රෙසියුමේ (resume) , සියලු අයදුම් කරුවන් (applicant pool) අතරින්, තමාහට රැකියා තනතුර ලැබීම තීරණය කරනා සාධකය (decisive factor) විය හැකිය.

තමන් අරමුණු කරගන්නා රැකියා තනතුර අනුව, දත්ත සාරාංශය නොහොත් රෙසියුමේ (resume) විවිධාකාර විය හැකිය. එහෙත් අත්‍යවශ්‍ය සංරචක (components) කිහිපයක්, සෑම මනාව සැකසුනු , ඔබව අන් අයදුම් කරුවන් අතරින් කැපී පෙනීමට හේතු වන සහ තමා ගේ සිහින රැකියා තනතුර (dream job) සඳහා ලඟා කර වීමට හැකි රෙසියුමේ (resume) සතුවේ.

අනන්‍යතාවය යනු රෙසියුමේ (resume) හි තීරණාත්මක සංරචකයකි. මන්ද යත්, ඔබේ අනාගතය රැකියා ස්ථානයේ ප්‍රධානියා (future boss) පැහැදීමට පත් කල හැකි පලමු ලේඛනය වන්නේ මෙයයි. එහි ඉහලම කොටසේ සදහන් වන ඔබේ නම, ලිපිනය, දුරකතන අංකය සහ විද්‍යුත් තැපැල් ලිපිනය ;අනන්‍යතාවය කාණ්ඩයට අයත් වේ. මෙහි දී සැලකිය යුතු කරුණක් වන්නේ ඔබගේ වෘත්තීය විද්‍යුත් තැපැල් ලිපිනය සදහන් කිරීම සුදුසු බවය.

ඔබේ රෙසියුමේ (resume) හි මීළගට සදහන් විය යුත්තේ ඔබේ අධ්‍යාපන සුදුසුකම් ය.එය ප්‍රතිලෝම කාලානුක්‍රමිකව (reverse chronological order) දැක්විය යුතුය.එනම් , ඔබ ලබා ගත් උපාධි සහ සුදුසුකම් , මෑතකාලීන දත්ත සිට පෙර ලබා ගත් දත්ත ලෙස ය. මෙහි දී සැලකිය යුතු කරුණක් වන්නේ ඔබගේ උපාධිය ලබා ගත් විශ්වවිද්‍යාලය /ආයතන , උපාධි යෙහි නම ,කුමන ගෞරව උපාධියද ( the honors received) සහ එය පිළිබඳ කුඩා විස්තරයක් අනිවාර්යයෙන්ම සදහන් කල යුතු වීමයි.

උදාහරණයක් වශයෙන් :

යූටෝපියා විශ්වවිද්‍යාලය (University of Utopia)මැයි 2024කලා ගෞරව උපාධිය , දර්ශන විද්‍යා අංශය(Bachelor of Arts, Department in Philosophy (Honors))3.8 GPA

මනා රෙසියුමේ (resume) හි රැකියා ප්‍රගමනය දක්වන කොටසක් ද අන්තර්ගත කල යුතු ය.එහි ඔබ පෙර දැරූ සියලු තනතුරු සහ ඔබේ සීමාවාසික පුහුණු (internship)අත් දැකීම් මැනවින් අන්තර්ගත කල යුතු ය.මෙයද ප්‍රතිලෝම කාලානුක්‍රමිකව (reverse chronological order) , අදාල ආයතනයේ නම , දැරූ තනතුර සහ රැකියා ආරම්භ දින (dates of employment) සමග දැක් විය යුතුය. ඔබ ඉටු කල කාර්යයන්(tasks accomplished) සහ දැරූ වගකීම් (responsibilities held)පිළිබඳ සාරාංශයක් ඒ සමග ඉදිරිපත් කිරිම වඩා සුදුසු වේ. මෙහි දී කර්තෘකාරක (active voice)ව්‍යාකරණ භාවිතා කරන්න.

උදාහරණයක් වශයෙන් :

“ මා යටතේ සීමාවාසික පුහුණුකරැවන් 3 ක් පාලනය කරනු ලැබීය.
( directly managed three interns in my department) “
යන ඡේදය
“මගේ වගකීම් යටතට සීමාවාසික පුහුණුකරැවන් 3 ක් පාලනය කිරීම අඩංගු විය.
(My duties included the direct management of three interns in my department.) “ට වඩා සුදුසු ය

ත්‍රිතීක පාසලක හෝ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා පලමු වරට රැකියා තනතුර කට අයදුම් කිරීමේ දී, පාසලේ නිරත වූ ක්‍රිඩා සහ සමිති සමාගම් නිලතල අන්තර්ගත කිරීම සුදුසු වුවද, ජ්‍යෙෂ්ඨ විධායක කළමනාකරු ( senior C-suite manager )වැනි රැකියා තනතුර ක් සදහා එම කරුණු සුදුසු නොවේ.

රෙසියුමේ (resume) හි අන්තර්ගත කල යුතු අතිරේක කාරණා වක් වනුයේ නිපුණතාවන් ය(skills) . ඔබේ විචල්‍ය පරිගණක භාෂාවන් පිළිබඳ දැනුම, නූතන කාලයේ රැකියා සඳහා තනතුර නොතකා වඩා සුදුසු වන්නකි. මෙයට අමතරව ඔබේ භාෂා පිළිබඳ ප්‍රවීනතාව ද අන්තර්ගත කිරීම සුදුසු ය. ( මූලික,මධ්‍යස්ථ සහ සමර්ථ- basic intermediate, proficientor fluent වශයෙන් දක්වා) . ලේඛන යේ වෙනත් කොටසක සදහන් නොකල සාමාජීය හැකියා ද මෙම කොටසේ දක්වන්න.

ඔබගේ ස්වේච්ඡා සේවා කටයුතු (volunteer work) පිළිබඳ ව මෙම ලේඛනයේ සදහන් කිරීමෙන්, ඔබේ නායකතත්වය , සමාජයට සේවය කිරීමේ හැකියාවද ව්‍යුත්පන්න වී පෙනෙන අතර, එම කරුණු කාර්යාල සමාජය (work environment)සදහා අත්‍යවශ්‍ය අංග වේ.
තවද , රැකියා තනතුර සදහා අදාලවන විනෝදාංශ සහ ඇලුම් කරනා දෑ පිළිබඳ සදහන් කල හැක ය.
උදාහරණයක් වශයෙන්: ඹබ ක්‍රිකට් ක්‍රීඩා වට ලොල් අයෙක් නම්, ඒ පිළිබඳ ව ක්‍රිඩා භාණ්ඩ අලෙවි සැලක් රැකියා තනතුර සදහා සදහන් කල හැකිය. මෙම අංගය, සේවා දායකයා පැහැදීමට පත් කල හැකි කරුණකි.

රෙසියුමේ (resume) සැකසුමේදි මුද්‍රණ අකුරුවර්ගය (font) පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු වේ.

කුමක් ද මේ ඉතා වැදගත් මුද්‍රණ අකුරු(font)?

මුල් ම සංකල්පනය (first Impression) යනු ඔබේ රෙසියුමේ (resume) මුල් වරට දැක ඇති වූ සංකල්පනයයි. මෙය ඹබගේ පෞර්ෂත්වය මෙන් ම ඔබේ ලේඛනය වැඩි දුර කියවීම සිදු කරන නොකරන බව ද තීරණය කරයි.මෙහිදි රෙසියුමේ (resume) මුද්‍රණය කර ඇති අකුරු වර්ගය පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වේ.මෙම අකුරු , ලේඛනයේ වඩාත් එලදායි ලෙස යොදා ගන්නා ආකාර 3 කි.

  • යොදා ගන්නා අකුරු වර්ගය ( font types)
  • අකුරු ශෛලිය ලේඛනය පුරා යොදා ගෙන ඇති ආකාරය (font styles)
  • ස්වර්ණමය අකුරු ප්‍රමාණ (Golden Font sizes)

මෙම කරුණු 3 පිළිබඳ සංක්ෂිප්ත තොරතුරු පහත පරිදි දැක්විය හැකිය.

යොදා ගන්නා අකුරු වර්ගය(The Font Type)

ඹබ ලේඛනයේ යොදා ගන්නා අකුරු වර්ගය අනුව ඔබ පිළිබඳ ෂර්ලොක් හෝම්ස්(Sherlock Holmes) ගණයේ නිගමන වලට එළඹිය හැකි ය. වඩාත් ප්‍රචලිතව යොදා ගන්නා අකුරු වර්ග පහතින් දක්වා ඇත.

ටයිම්ස් නිව් රෝමන් ( Times New Roman)

මෙය වඩාත් ප්‍රචලිතව අකුරු වර්ගකි. රැකියා සේවා දායකයින් මෙය ට එතරම් ප්‍රිය තාවක් නොදක්වයි. කෙසේ ද යත්, මෙය සුලබව යොදා ගන්නා, කල් ඉකුත් වූ අකුරු ආකාර කි. එමනිසා, අවශතාවයක් ලෙස සදහන් කල හොත් පමණ ක් මෙය භාවිතා කරන්න.

ඒරියල්(Arial)

රැකියා සේවා දායකයින් අතර ප්‍රචලිත මෙය, සුමට (clean-cut) සහ පහසුවෙන් කියවිය හැකි අකුරු වර්ග කි. සම්ප්‍රදායික ටයිම්ස් නිව් රෝමන් ( time new roman) සමග ගත් කල, මෙය වඩාත් අළ උචිත වේ.

ගැරමොන්ඩ් (Garamond)

මෙම අකුරු වර්ගය කාලයකට පෙර හදුන්වා දෙන ලද වුවද, රෙසියුමේ (resume) ලේඛන සදහා යොදා ගන්නා ලැබුවේ මෑතකාලීනවය. මෙය, කලාතුරකින් දක්නට ලැබෙන, පහසුවෙන් කියවිය හැකි , පිරිසිදු බවක් පෙන්වන අතර ,එය ඔබේ ලේඛනය, අන් අය අතරින් කැපී පෙනිමට සහ රැකියා සේවා දායකයින්ගේ අවදානය දිනවීම ට හේතු විය හැකිය.

2. අකුරු ශෛලිය (Font Style)

ප්‍රධාන අකුරු ශෛලීන් වන Bold, Italics සහ Underlined යොදා ගෙන, මාතෘකා සහ නම් වැදගත් කොට සැකසිය හැකි අතර, විවිධාකාර මාතෘකා වෙන් වෙන් වශයෙන් දැක් වීමේදී මෙම අංග යොදා ගනී.

3. අකුරෙහි ප්‍රමාණය

රෙසියුමේ (resume) ලේඛන සදහා ස්වර්ණමය අකුරු ප්‍රමාණය ලෙස සැලකෙන්නේ 12pts. මෙම ප්‍රමාණය 1 හෝ 2 ප්‍රමාණයක් ( one or two points) මාතෘකා සදහා වැඩි කල හැකි වුවද අන් තර්ගත කරුණු මෙම ප්‍රමාණයට වඩා අඩු විය නොහැක.

අවසන් වශයෙන් සදහන් කල යුතු කරුණක් වන්නේ දෘශ්‍ය ප්‍රදර්ශනයයි. (visual presentation). ඉහත කී කරුණු වලට සාපේක්ෂව අඩු වැදගත් කමක් මෙය සතු වුවත්, පරිපූර්ණත්වය සියුම්ව සකස් කරගැනීමට මෙමඟින් හැකි ය . ලින්ක්ඩ්ඉන් (LinkedIn) වෙබ්අඩවිය හරහා අපගේ සුදුසුකම් නොයෙකුත් කොටස් භාවිතා කර , දත්ත වශයෙන් ඇතුළත් කර, PDF ලේඛනය ක් ලෙස සකස් කර ගැනීමට හැකිය. කෙසේවෙතත්, ඹබ සාම්ප්‍රදායික ලෙස සියලු දත්ත යොදා ගන්නා ලද නම්, අන්තර්ජාල යේ අපහට වෙනස් කරගත හැකි නොමිලේ ලබාගත හැකි ලේඛන උදාහරණ ඇත.

මෙම ලිපිය වයේ සාරාංශය පහත පරිදි වේ.

ආකෘතිය

රැකියා තනතුර අනුව විවිධ වූ ආකෘති පැවති යද, පහත සඳහන් වන කරුණු අනිවාර්ය වේ.

මුල් ම කොටසේ තමා ගේ වැදගත් සම්බන්ධක තොරතුරු දැක් විය යුතුය. එනම් : සම්පූර්ණ නම, ලිපිනය සහ වෙනත් අදාළ තොරතුරු

ඹබගේ විදේශ ගමන් බලපත්‍ර ඡායාරූපය ප්‍රමාණ ඡායාරූපයද ( passport size photograph) මෙම කොටසට අන් තර්ගත විය යුතුය.

පහත සඳහන් කරුණු අනිවාර්ය යෙන් ඹබගේ රෙසියුමේ (resume) ලේඛනයේ අන්තර්ගත විය යුතුය.

  • ඹබ අයදුම් කරනා රැකියා තනතුර සහ ඹබට එම තනතුර ලැබුනහොත්, ඹබ කුමන ආකාරයේ වටිනාකමක් ආයතන යට ලබා දෙයි ද ? යන ප්‍රකාශය
  • එම තනතුර සඳහා ඹබ සුදුසු වීම ට ඹබ සතුවිය යුතු මුලික ගුණාංග සහ ශක්තීන් (core strengths)
  • අදාල විෂය පිළිබඳ ඹබට ඇති අත්දැකීම්
  • අධ්‍යාපන සුදුසුකම්
  • ජීවිත කාලය පුරාවට ලබාගත පත් ත්‍යාග ( awards) සහ ගෞරව (honors)

රෙසියුමේ (resume) ලේඛන අනිවාර්යයෙන්ම අවසන් විය යුත්තේ, නිර්දේශක (referee) සම්බන්ධක තොරතුරු දැක් වීමෙනි. ඔවුන්ගෙන් ලබා ගත් දත්ත මත අපි සපයන ලද දත්ත වල නිවැරදිතාව තහවුරු කර ගත හැකිය.

මෙම කරුණු අවබෝධ කිරීම මගින් ඹබට මනා රෙසියුමේ (resume) ලේඛන යක් සකසා ගත හැකි වෙයි.

සුභ දවසක් වේවා!

ලියන ලද්දේ: රුවීමාල් පතිරාජ, නදුන් රණසිංහ

සිංහල පරිවර්තක — ​​රුමේෂිකා පල්ලෙවෙල
දෙමළ පරිවර්තක — ​​මොහොමඩ් ඉසාඩ්

--

--

YGSL
YGSL

Written by YGSL

Science, Research, Industry & Innovation

No responses yet