ව්‍යවසායකයා(Entrepreneur) — ඔබේ ව්‍යාපාරය ආරම්භ කරන්න, පවත්වාගෙන යන්න,වර්ධනය කරන්න
ව්‍යවසායකත්වය පිළිබඳ ව කෙටියෙන් ම හැදින්විය හැකි වනු යේ, ප්‍රයෝජනවත් හෝ ලාභදායක අවස්ථාවක් සදහා යොමු විමට ඇති අධිශ්ඨානයයි.
ව්‍යවසායකු යනු , ක්‍රියාවන් පිටුපස සිට මෙහෙයවන්නෙකි , නැතහොත් වෙනස පිටුපස හබාගොස් , එයට ප්‍රතිචාර දක්වා, එය අවස්ථා වක් ලෙස දකින පුද්ගලයෙකි.
ඵලදායි ව්‍යාපාරයක් ගොඩනගන මන් පෙත් ඔස්සෙ ගමන් ගන්නා අතරතුර, ව්‍යවසායකත්වයට ඉන්ධනයක් මෙන් වන සාධක කිහිපයක් හමුවනු ඇත. නිර්මාණශිලිතාවය (Creativity) , නායකත්වය (leadership), දැක්ම (vision) සහ තිරසාර භාවය (sustainability) යනු එම ප්‍රධාන සාධක ය. මෙම ලිපියේ අරමුණ වනුයේ, නිර්මාණශීලිභාවයෙන් ආරම්භ කර, නව්‍යකරණය (innovation) ඔස්සේ ව්‍යවසායකත්වය කරා ගමන් කිරීම පිළිබඳ දැනුවත් කිරීම ය.
නව්‍යකරණය සහ නිර්මාණශීලී භාවය යන වචන දෙක අතර සමානත්වය හේතුවෙන් බොහෝ පුද්ගලයන් මෙම වචන දෙක සමාන බව උපකල්පනය කරයි. එහෙත්, නිර්මාණශීලී භාවය යනු නව අදහස් ගැන සිතීම, එම අදහස් වර්ධනය කරගැනීම , ප්‍රශ්න සහ අවස්ථා දෙස නව ආකාරයකින් සිතීම වන අතර නව්‍යකරණය යනු නවීන ආකාරයේ යමක් කිරීම, නිර්මාණශීලී යෝජනා ඔස්සේ ගැටළු නිරාකරණය කිරීම සහ එදිනෙදා ජීවිතයට හෝ සමාජයට සාරවත් යමක් එක් කිරීමට සොයා ගනු ලබන අවස්ථා ය.
නිර්මාණශීලිභාවය — Creativity
පෙර සදහන් කල පරිදි , නිර්මාණශීලී භාවය යනු නව අදහස් ගැන සිතීම, එම අදහස් වර්ධනය කරගැනීම , ප්‍රශ්න සහ අවස්ථා දෙස නව ආකාරයකින් සිතීම ය. මෙහි වැදගත් කම වනුයේ, ඕනෑම අයෙකුට උත්සාහ කලහොත් නිර්මාණශීලී විය හැකි වීමයි. එය උපතින් ලබාගත හැකි දක්ෂතාවක් හෝ සැමවිටම පවතින යමක් නොවන අතර, එය ආරම්භ කර, කෙමෙන් කෙමෙන් , නොපමනා උත්සාහ කලහොත් වැඩිදියුණු කරගත හැකි දක්ෂතාවකි.
නිර්මාණශීලී භාවය , සාමාන්‍ය වශයෙන් කාණ්ඩ හතරක් ඔස්සේ වර්ධනය කරගැනීමෙන් අප මුහුණ දීමට සිදු වන “ආකල්ප බාධක”(idea blocks) මග හැර , නිර්මාණශීලී චින්තනය තියුණු කරගත හැකිය.
එම අවස්ථා හතර පහත සඳහන් ආකාර වේ.
- සූදානම — Preparation
- පුර්ව තක්සේරු කිරීම — Incubation
- අලංකරණය- Illumination
- ක්‍රියාවට නැංවීම -Implementation
මෙම කරුණු පිළිබඳ කරැණු කාරණා සහ තොරතුරු දැක් වීම පමණක් නොකර, කුඩා උදාහරණ ඔස්සේ , මෙම වචන ඔබට අවබෝධ කර දීමට මෙම ලිපිය හරහා වෙරදරන අතර, එමගින් ඔබට මනා අවබෝධයක් ඉහත කරැණු පිළිබඳ ලබාගත හැකි ය.
සූදානම — Preparation
සාමාන්‍ය වශයෙන් සදහන් කලහොත්, ‘ක්‍රියා (work) ‘ අවධිය නොහොත් පසුබිම් අවබෝධය (background knowledge) සහ සමාචයනය (accumulation) කරනා අවධිය වේ.
උදාහරණයක් වශයෙන්: චිත්රශිල්පීන් , තම වර්ණ සමග නොයෙකුත් ආකාරයේ මිශ්‍රණ සෑදීම, සංකල්පිත පූර්ව-චිත්‍ර ඇදීම (conceptual pre-paints) , චිත්‍ර ප්‍රදර්ශන ශාලාවක් නැරඹීමට යෑම ; ව්‍යවසායකු විසදීම සදහා ප්‍රශ්න දෙස අවධානය යොමු කිරීම සදහන් කල හැක ය. මෙය ‘ක්‍රියා (work) ‘ අවධිය ලෙස දැක්වෙන්නේ, අන්‍යෝන්‍ය සාපේක්ෂතාවෙන් වෙහෙස ඇති කරනා කාර්යයක් බැවින් ය. එහෙත් , පුර්ව තක්සේරු කිරීම කරා ගමන් කිරීමේ දී මෙය, වඩාත් ම වැදගත් කරුණක් ලෙස නිර්මාණකරුවන් හදුනාගෙන ඇත.
පුර්ව තක්සේරු කිරීම — Incubation
මෙම අවධිය යම් ආකාරයක ගුප්ත බවක් සබැඳි අවධියකි. එනම් අප මොලයේ සංකල්පයක් තිබේ ද, නැත ද යන්න පිළිබඳව නිශ්චිතව පැහැදිලි කිරීම යම් අවස්ථා වලදී නොහැකි විමයි. එය සමහර අවස්ථාවලදී ඔබේ අනුදැනුම නොමැතිව සිදු වේ.
‘ඔබේ අදහස් ඔස්සේ නිදාගන්න’(‘sleep on your idea’) යන වාක්‍යයේ අර්ථය වනුයේ , අපි නිදාගන්නා විටදී හෝ භාවනා කරනා විට (meditating) අපේ සිත සැහැල්ලු වී, යටි සිත අවධි වී, අපේ සිතුවිලි සමග හා වීමයි. මෙම ක්‍රියාවලිය, අඛණ්ඩව යම් අදහසක් ඔස්සේ සිත යොමු කිරීම කරන අතර, නව සම්බන්ධතා කරැණු ඔස්සේ සිතා අවශ්‍ය කරුණු පමණක් වෙන් කරගනු ලැබේ.
මෙම ක්‍රියාවලිය සිත ට බලපෑම් කරගත නොහැකි වුවද, නින්දට පෙර එම කරුණු පිළිබඳ අවධානය යොමු කිරීමෙන්, ඔබට අවශ්‍ය ඉලක්කය (‘eureka’ moment) හෝ නව ආකාරයකින් ප්‍රශ්න දෙස අවධානය යොමු කිරීම කරා ලඟා විය හැකිය.
අලංකරණය- Illumination
ඉලක්කය කරා ලඟා වීම (‘eureka’ moment) වශයෙන් සදහන් වන මෙම අවධිය, සාමාන්‍ය වශයෙන් මන්දගාමී අවධියක් වූවද, අවසාන යේදී අපට අවශ්‍ය වන අවසාන සංයෝගය ලබාගත හැකි වේ. සාමාන්‍ය වශයෙන් මෙය සිදු වන්නේ, අපි මනස නිදහස් කරගන්න කටයුතු කරනා අවස්ථා වලදී වන අතර, එය අපි නාන විටදී, නිදහස් වේලාවක වාහනයක් පදවාගෙන යෑමේදී හෝ, වැහිබර දිනයකදී වැස්ස දෙස අවධානය යොමු කිරීමේදී ද විය හැකිය.මෙවැනි අවස්ථා වලදී, ඉක්මනින් එම කරුණු සහ අදහස් පොතක් හෝ ඔබේ ජංගම දුරකතනයේ සටහන් කරගතයුතු වේ.
ක්‍රියාවට නැංවීම — Implementation
ඔබේ අදහස, යෝජනාව , කරලියට පැමිණ අවස්ථා ව මෙයයි. ක්‍රියාවට නැංවීම සහ ඇගැයීම සිදු වන අවධිය වන මෙය, ඔබ නිර්මාණය කල චිත්‍රය ලොව ට ඉදිරිපත් කරන අවස්ථාවයි.
නිර්මාණය කිරීම පිළිබඳ සිතමින් සිටියනම්, මූලාකෘතිකරණය (prototyping) කිරීම ට සහ එහි ඇති ශක්තීන් හා දුබලතා සටහන් කර ගැනීමට අවස්ථාව මෙයයි.
ඉහත කරැණු අනුව, උත්සාහය හා කැපවීම , නිර්මාණය කිරීම සදහා අත්‍යවශ්‍ය බව පෙනීයයි.
එමෙන්ම පහත සඳහන් කරුණු පිළිබඳ ව අප අවධානය යොමු කිරීම වැදගත් වන්නේ, එම කරුණු අපේ නිර්මාණකරණයට බාධා පමුණුවීමට හැකි බැවින් ය.
- එක් නිවැරදි පිළිතුරක් හබා යෑම.
- අරමුණකින් තොරව නිති මත්තෙන් කටයුතු කිරීම.
- වඩා විශේෂ වශයෙන් යම් ආකාරයක් සදහා පමණක් යොමු විම.
- මම නිර්මාණශීලී නැත යන ආකල්පය
ඉහත ආකල්ප ඔබේ නිර්මාණශීලි බව ට අකුල් හෙළිය හැකි බැවින් , ධනාත්මක (positivity) චින්තනය යටතේ සිතීම වඩා සුදුසු වේ.
නව්‍යකරණය — (innovation)
ව්‍යවසායක යනු, නිර්මාණශීලී චින්තනය හා අරමුණක් සහිත ක්‍රියාවන් එක්කොට වෙළඳපොළ අවස්ථා වල මුදුන් පෙත කරා ගමන් ගන්නා පුද්ගලයින් ය. මෙහි සදහන් ‘අරමුණක් සහිත ක්‍රියාවන්’ යනු අන් කිසිවක් නොව නව්‍යකරණය යි (innovation). අපේ අදහස් සහ නිපැයුම් වෙළදපලට යොමු කිරීම සිදු වන්නේ මෙහි දී ය.
අපේ සිතුවිලි සීමාරහිත වන අතර, යම් අවස්ථාවලදී එම අදහස් ප්‍රායෝගික නොවිය හැකිය. බොහෝ ප්‍රධාන පෙලේ ආයතන බිලියන ගණනක් වසරකට පර්යේෂණ සදහා යොමු කරන අතර සෑම වසරකම නව අදහස් සහ නිෂ්පාදන බිහිකිරීම අපහසු කාර්යයකි. අභිමත සියලු උපකරණ යථාර්ථනිරූපණය අපහසු වේ. එම නිසා පර්යේෂකයන් , සාර්ථක නව්‍යකරණයක් සදහා වැදගත් කරුණු තුනක් පිළිබඳ ව අවධානය යොමුකරණු ලබයි
- යෝග්‍යතාව- Desirability
- සාධ්‍යතාව- Feasibility
- ස්වශක්තතාව- Viability
1. යෝග්‍යතාව- Desirability
ඔබ නිෂ්පාදනය කරන ලද උපාංග සහ සේවය , පාරිභෝගිකයාගේ ජීවිතය ට ධනාත්මක බලපෑමක් දැක්විය යුතු ය. නිවැරදි නිෂ්පාදන සකසා ඇත්දැයි පරීක්ෂා කිරීම ට මෙම කරුණ වැදගත් වේ. ‘VOA Labs’ පවසන පරිදි, අපි නව්‍යකරණය සදහා අදහස් සලකා බැලීමේදී එය අවසන් පාරිභෝගිකයාට (end-user) විටමින්ද ( vitamin) හෝ වේදනා නාශකය( painkiller) ද යන්න පිළිබඳව සැලකිලිමත් විය යුතුය.
විටමින් ( vitamin) භාවිතා කිරීමට ප්‍රසන්න වුවද , වේදනා නාශකය( painkiller) ද යනු අත්‍යවශ්‍ය අංග යකි.මෙම අංග දෙකම අවශ්‍ය වුවද වඩා අත්‍යවශ්‍ය වන්නේ, කුමක්ද යන්න පිලිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුයි. නැතහොත්, නිෂ්පාදනය සදහා දියුණුවක් දැකිය හැකි වෙළදපලක් සෙවීමට කල්ගත වේ.
එමනිසා පහත සඳහන් මූලික ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීමෙ න්නිෂ්පාදනයේ යෝග්‍යතාවය පිළිබඳ තීරණයක් ගැනීමට හැකි ය.
- ඔබේ පිළිතුර අත්‍යවශ්‍ය තාවයන් සපුරයි ද?
- මෙම නිෂ්පාදනය විටමින් ද ( vitamin) හෝ වේදනා නාශකය( painkiller) ද යන්න?
2.සාධ්‍යතාව- Feasibility
අප ලබා ගන්නා විසඳුම තිරසාර ඉංජීනේරු (sustainable engineering) මූලධර්ම පිළිපදින වාද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතුය. එනම්, නිශ්පාදන ය කෙතරම් අත්‍යවශ්‍ය වුවද, එය අප සතු වේලාව, ධනය සහ සමාජ අවහිරතා හේතු කොට ගෙන නොගැලපීම් ඇති කල හැකිය. මෙම කරුණුවලට අනුව නිෂ්පාදන නිපැයුම් කල හැකිදැයි විමසීය හැකි ය .
අප ව්‍යාපාරය නව සමාගමක් හෝ ස්ථාපිත සමාගමක් ද යන්න අනුව ඉහත කරුණු තුන බලපාන ආකාරය වෙනස් විය හැකිය.
එමනිසා පහත සඳහන් මූලික ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීමෙන් නිෂ්පාදනයේ සාධ්‍යතාව පිළිබඳ තීරණයක් ගැනීමට හැකි ය.
- ඔබේ පිළිතුර ඉහත කරැණු තුන හමුවේ නිර්මාණය කර හැකිද?
- අපට සහ පාරිභෝගිකයින් හට නිෂ්පාදනය හෝ සේවා තාක්ෂණ සහ ආයතනික පිරිවැය තිබේ ද , දැරිය හැකි ද ?
3. ස්වශක්තතාව- Viability
පිලිතුර සදහා අවසාන පරීක්ෂණය වනුයේ දීර්ඝ කාලීන තිරසාරභාව සහ ලාභදායීතාව අගය දාමය( value chains) යි. එනම්, ආර්ථික වශයෙන් නවෝත්පාදනය ලාභදායී විය යුතුය යන්නයි.
මෙය නව නිර්මාණ පදනම් වූ නව ආයතන සදහා වඩාත් තීරණාත්මක සාධකයකි. එනම් , නිෂ්පාදන පිරිවැය සහ එහි ආදායම මගින් ගෙවිය හැකි ද යන්නයි , කෙසේද යනු, සමහර ව්‍යාපාර ආකෘති මුලදී ලාභදායී නොවන බැවිනි. එහෙත් ලාභ ඉපයීම සදහා කාල නියමනයක් තීරණය කල යුතුය. එනම්, එසේ නැතහොත් සමාගම, ලාභ නොව පාඩු ලබන බවය.
.
එමනිසා පහත සඳහන් මූලික ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීමෙන් නිෂ්පාදනයේ ස්වශක්තතාව පිළිබඳ තීරණයක් ගැනීමට හැකි ය.
- පිළිතුර භාවිතා කර, තිරසාර ව්‍යාපාර ආකෘති යක් ගොඩනගා ගත් හැකි ද?
- ආදායම මගින් නිෂ්පාදන පිරිවැය ලබා ගත් හැකි ද?
- මෙම නිෂ්පාදනය, වඩාත් ලාභදායී කල හැකි ද සහ කෙසේ ද?
යම් තාක් අමාරු වුවද, මෙම කරුණු තුනෙහි ඡේදනය මගින් වඩාත් ඵලදායී නව්‍යකරණ තීරණය ක් ගත හැකි වේ.
බොහෝ ව්යවසකයන් සහ ව්‍යාපාරකයන් වඩාත් සුදුසු ම අවස්ථාවන් පසු පස හඹා ගිය ද , නව්‍යකරණය සහ නිර්මාණශීලී භාවය ව්‍යවසායන් ව වෙන්කර හඳුනා ගත හැකි ය.
මෙම ලිපිය හරහා , අදහස් උත්පාදනයේ සිට , සාර්ථක නිෂ්පාදන සංවර්ධන සහ දියත් කිරීම සදහා නව්‍යකරණය සහ නිර්මාණශීලී භාවය විශාල වශයෙන් බලපානු ලබන බව තහවුරු වේ. ව්‍යවසායන්ගේ කාර්යභාරය වන්නේ, නිෂ්පාදන සංවර්ධන ඔස්සේ නිර්මාණාත්මක චින්තනය පෝෂණය කිරීම මගින්, සාර්ථකව නිෂ්පාදන වාණිජකරණය යි.
ලියන ලද්දේ — දුල්ෂාන් ධර්මරත්න
සිංහල පරිවර්තක — රුමේෂිකා පල්ලෙවෙල
දෙමළ පරිවර්තක — මොහොමඩ් ඉසාඩ්