කේන්ද්‍රායිත සහ ව්‍යාප්ත පද්ධතිය පිළිබඳ කෙටි අධ්‍යයනය (Centralized vs Distributed Systems in a nutshell)

YGSL
4 min readJul 25, 2021

--

කේන්ද්‍රායිත පද්ධති(Centralized Systems)

කේන්ද්‍රායිත පද්ධති , විශාල සංඛ්‍යාත්මක (computational) ශක්‍යතාවක් සහිත තනි සේවා දායක පද්ධතියක් (single server) වටා ගොඩ නැගුණු සේවාග්‍රාහක — සේවාදායක නිර්මාණ ශිල්පියකට (client-server architecture) අනුකූල වේ. එතරම් ප්‍රබල නොමැති පුරුක්(less powerful nodes) කේන්ද්‍රායිත සේවා දායක පද්ධතියක්(central server) සහ සම්බන්ධ විමෙන් කෙළින්ම කේන්ද්‍රායිත සේවා දායක උපකරණයට(server machine) තම ඉල්ලීම ඉදිරිපත් කරනු ලබයි. අන්තර් ජාල සේවා සපයන්නන් (Internet Service Providers), මෘදුකාංග නිර්මාණය කරනු ලබන සේවා දායක පද්ධති(Application development servers), ලිපිගොනු පද්ධති ( File Systems) සහ සංවිධාන ජාලා (Organizational Networks) කේන්ද්‍රායිත සේවා දායක පද්ධති සදහා උදාහරණ වේ.කේන්ද්‍රායිත සේවා දායක උපකරණයේ සංඛ්‍යාත්මක ක්ෂමතාව(computational power) , සේවාග්‍රාහක පද්ධති අතර බෙදී යෑම නිසා පද්ධතියේ ක්‍රියාකාරිත්වය සම්පත් පැවරීම(resource allocation) සහ උපලේඛන ඇල්ගොරිතම්(scheduling algorithms) මත රඳා පවතිනු ඇත.

කේන්ද්‍රායිත පද්ධතිවල ප්‍රයෝජන (Advantages of Centralized Systems)

  • සේවාග්‍රාහක — සේවාදායක නිර්මාණ ශිල්පියකට (client-server architecture) අනුකූල බව හේතුවෙන් පහසුවෙන් සැලසුම් කරණය සහ නිෂ්පාදනය කල හැකිය.
  • මුළු පද්ධතියේම පාලනය සහ අභිමන්ත්‍රණය(managed and monitored) කේන්ද්‍රායිත සේවා දායක පද්ධතිය විසින් සිදු කරනු ලබන අතර එමනිසා තනි මධ්‍යස්ථානයක් මගින් පාලනය සිදුකරනු ලබයි.
  • පද්ධතියේ අඩංගු සියලු සම්පත් (Memory, CPU power, etc), කේන්ද්‍රායිත සේවා දායක පද්ධතියට ඉල්ලීමක් කිරීම මගින් සේවාදායක පද්ධතිවලට පරිශ්‍රීලනය කල හැකිය.
  • යාවත්කාලීන කිරීමට ඇත්තේ එක් යන්ත්‍රයක් පමණක් බැවින් පද්ධතිය වඩාත් කාර්යක්ෂමව යාවත්කාලීන කළ හැකිය.
  • භෞතික වශයෙන් සුරක්ෂිත කිරීම සහ පවත්වාගෙන යාම පහසු ය.
  • කුඩා පද්ධතියක් සඳහා සැකසීමට අඩු පිරිවැයක්
  • අඩු පිරිවැයකින් , මුළු පද්ධති යටම බලපෑම් නොකර කුඩා සේවා පුරුක් පවා එක් කිරීම සහ ඉවත් කිරීම පහසුය.

කේන්ද්‍රායිත පද්ධතිවල අවාසි (Disadvantages of Centralized Systems)

  • අවිධිමත් උපලේඛන ඇල්ගොරිතම්(scheduling algorithms) හේතු වෙන් කේන්ද්‍රායිත පද්ධතියට දුරස්ථව පිහිටන සේවාග්‍රාහක සදහා ප්‍රවේශයට බොහෝ කාලයක් ගත වීම නිසා දත්ත හිගයක් ඇති විම(starvation).
  • කේන්ද්‍රායිත පද්ධතිවේ ගැටළු හේතු වෙන් සම්පූර්ණ පද්ධති බිඳ වැටීම(breakdown).
  • කේන්ද්‍රායිත පද්ධති බිඳ වැටීම සිදු වුවහොත් දත්ත සියල්ල මැකීයාම හේතු වෙන් උපස්ථ දත්ත (backups) නඩත්තු කිරීම අසීරු කාර්යයක් වීම
  • සමස්ත පද්ධතියේ උපයෝජ්‍යතාව(Availability) , කේන්ද්‍රායිත පද්ධතිය මත රඳා පවතිනු අතර යාවත්කාල කිරීම සමස්ත පද්ධති ය කාර්යයන් සපුරන අතර කල යුතු ය. එම නිසා පද්ධති නඩත්තු කිරීම අසීරු කාර්යයක් වේ.

ව්‍යාප්ත පද්ධතිය (Distributed Systems)

ව්‍යාප්ත පද්ධති යනු සමියුරු නිර්මාණ ශිල්පියකට (peer-to-peer architecture) අනුකූල වූ එකිනෙක ජාලාකාර ව සම්බන්ධ ස්වාධීන පරිගණක කුලකයකි. ව්‍යාප්ත පද්ධතියේ එක් එක් පුරුකට කාර්යයන් කිරීම සඳහා අවශ්‍ය සංඛ්‍යාත්මක ක්ෂමතාවක් (computational power) ඇත. සෑම ව්‍යාප්ත පද්ධතියකම පරිශීලකයින්ට දත්ත වලට සමාන ප්‍රවේශයක් ඇති අතර අවශ්‍ය පරිදි පරිශීලක වරප්‍රසාද(user privileges) සක්‍රීය කළ හැකිය. ස්වාධීන පරිගණක(independent) වල බිඳ වැටීම, සම්පූර්ණ පද්ධති වලට නොබලපාන අතර උපයෝජ්‍යතාව (availability)සහ විශ්වසනීයත්වය (reliability)එමනිසා වැඩි වෙයි. ව්‍යාප්ත පද්ධති, සම්ප්‍රදායික කේන්ද්‍රායිත පද්ධති වල ආරක්ෂාව, දත්ත, මතක ගබඩා, සහ පෞද්ගලිකත්වය(security, data storage, and privacy ) සබැඳි සීමා සහ ප්‍රශ්න විසඳමින් පරිණාමයට පත් වී ඇත. අන්තර් ජාලය, බ්ලොක් චේන් (blockchain), සේවා නැඹුරු නිර්මාණ ශිල්ප ( Service -Oriented Architecture) සබැඳි පද්ධති, යනු මහාපරිමාණයෙන් ව්‍යාප්ත පද්ධති භාවිතා වන අවස්ථා ය.

ව්‍යාප්ත පද්ධතිවල ප්‍රයෝජන (Advantages of Distributed Systems)

  • මධ්‍යස්ථ වූ කොටසක් නොමැති බැවින් ඇණ හිටීම් අවම වන අතර, පද්ධතිය ට පුරැකක් අකර්මණ්‍ය වුවද ප්‍රවර්තනය (survive) වීමේ හැකියාව ඇත. එම නිසා වැඩි දෝෂ උත්ප්‍රේක්ෂාවක්(High fault tolerance) දක්වනු ලබයි.
  • ව්‍යාප්ත පද්ධති තිරස් හා සිරස් අතට පරිමාණය කළ හැකි ය. එමනිසා පද්ධතියේ බර ප්‍රමාණ වැඩි වන විට නව සේවා දායක පද්ධති(server) එක් කිරීම ද, එය අඩු වූවිට එම පද්ධති නොබැඳි (offline) තත්වය ට පත් කිරීමට ද හැකි වේ.
  • බොහෝ භාවිතකරැවන් හට අඩු පිරිවැයක දී පොදු දත්ත ගබඩාව සදහා ප්‍රවේශයට හැකි වේ.
  • ව්‍යාප්ත පද්ධතියේ ඒක් එක් පුරුකට කාර්යයන් කිරීම සඳහා අවශ්‍ය සංඛ්‍යාත්මක ක්ෂමතාව (computational power) ඇති බැවින් වැඩ ප්‍රමාණය එම උපකරණ අතර බෙදා ගැනීම සිදු කර, තනි උපකරණයකට අධි බර පැටවීම (overloading)අවම කරගත හැකි ය.
  • විශාල භූගෝලීය පැතිරීම හේතුවෙන්, ව්‍යාප්ත පද්ධතිවල ආනුශයිකයතාවය (latency) අවම කර, ඉල්ලීම් (request) වලට ප්‍රතිචාර(response) ලබා දීම ට හැකි වේ.
  • සමස්ත පද්ධතියේ ක්‍රියාකාරිත්වයට බාධා එල්ල නොවන සේ පුරැක් එක් කිරීම ට සහ ඉවත් කිරීම ට හැකි වේ.

ව්‍යාප්ත පද්ධතිවල අවාසි (Disadvantages of Distributed Systems)

  • සම්පූර්ණ පද්ධති යට පොදු ඔරලෝසුවක් (common clock) නොමැති බැවින්, ඇල්ගොරිතම් නිර්මාණය සහ නිදොස් කරණය(debug) අපහසු වේ.
  • වෙනස් ආනුශයිකයතාවය (latency) හෝ ක්‍රියාකාරිත්වය හේතුවෙන් අණ කල හෝ කාර්යසටහන් කටයුතු (order/schedule transactions) කිරීම අපහසු වීම.
  • සියලු පුරැක් ස්වාධීන වශයෙන් ව්‍යාප්ත පද්ධතියට එක් වීම හේතුවෙන් මුළු පද්ධති යටම එකඟත්වයකට(consensus) පැමිණීමේ අසීරු වීම.
  • කේන්ද්‍රායිත පද්ධතියක් නොමැති බැවින් ජාල පද්ධතියේ දත්ත නෂ්ට(lost) වූ අවස්ථා ඇති වේ.
  • බහු පද්ධතියේ ව්‍යාප්තිය හේතු වෙන් දොස් සෙවීම(troubleshooting) සහ ඇති වන ගැටළු විනිශ්චය(diagnostics) අසීරු වේ.
  • ව්‍යාප්ත පද්ධතිවලට අදාල මෘදුකාංග (software support) ප්‍රමාණය අඩු වීම.
  • පද්ධතියේ ආරක්ෂාව සඳහා අමතර වෑයමක් දැරීමට සිදුවීම සහ අනුකරණය වූ දත්ත (පාලනය , බහු ස්ථාන වලදී පාලනය කිරීම ට සිදු වීම.

කේන්ද්‍රායිත සහ ව්‍යාප්ත පද්ධතිය සැසදීම. (Centralized vs Distributed Systems )

ලියන ලද්දේ — තරින්ද දිල්ෂාන් පියදාස

සිංහල පරිවර්තක — රුමේෂිකා පල්ලෙවෙල
දෙමළ පරිවර්තක — ​​මොහොමඩ් ඉසාඩ්
විචාරක — විනුරි සේනාරත්න (ඉංග්‍රීසි), රෝෂිනි ජයසුන්දර (සිංහල)

--

--

YGSL
YGSL

Written by YGSL

Science, Research, Industry & Innovation

No responses yet